Tuesday, December 3, 2013

Ammawarune.......




   

   

සමනල ගිර...
ඇය එනවලු නුඹ බලන්න
අවාරයේ ඇය ආවත්
දෙපස මල් පූදන්න..
කියන්න....පුංචි සමනලුන්ට
පාර කියන්න කියා ඈට...
කියන්න ඉර සේවයට
වඩින්න පෙරටත් වඩා කලියෙන් ..ලංකෘතව.
එන්නේ හිත් දෑල කෙලවර
මල් පූදන්නලු,
මං නැතුවම......

© සමීර යසංග

   












Saturday, November 30, 2013













නුඹ මල
පිපී වැනුනි මා අභිමුව
දෑත නුදුරේම,
තුටු වුනි සැබැවින්ම
නෙලාගන්නට එය දෝතින්ම....

..........

හිනැහුනි මල,
කීවේය මෙලෙසින්
 "කෙලෙස මා නටුව පෙලම්ද? "
..............

වික්ෂිප්ත නොවුනි
මන්ද?
නටු අග රැඳෙන මල් ලොව නැති බව
දන්නා නිසා ....

  © සමීර යසංග.....